ශ්‍රි ලංකන් අද සිට පකිස්ථානයට පියාසර කිරිම යළි අරඹයි

ජූනි 01, 2019

    පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01) දින දහවල් සිට යළි ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

    එය මාස තුනකට අධික කාලයක් අත් හිටුවා තිබිණ. පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති වු යුධමය වාතාවරණය හේතුවෙන් හා පාකිස්තාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම පෙබරවාරි 27 සිදුකෙරිණ. එ අනුව ශ්‍රී ලංකා පකිස්ථාන ගුවන් ගමන් අත්හිටවනු ලැබිණ. තවදුරටත් පාකිස්තාන ගුවන් සීමාව සම්බන්ධයෙන් ඇති සීමා කිරීම් නිසාවෙන් ලාහෝර් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

    පාකිස්තානයේ වානිජ අග නගරය වන කරච්චි නුවර වෙත ප්‍රථම ගුවන් යානය අද (01) දින දහවල් 12.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. එය කරච්චි නුවර වෙත පස්වරු 3.10 ට ළගා වීමට නියමිතයි.

    පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වනු ඇති. අද සිට මෙම පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් ගමන් සතියේ දින පහකම එනම් අගහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින වල මෙම වේලාවන්ටම ක්‍රියාත්මක වීමට නියමිතය.

    මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇත.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 14:42

    Latest News