US ඩොලර් මිලියන 4.5ක ආයෝජනයෙන් සුපිරි හෝටල් ව්‍යාපෘතියක් (ඡායාරූප)

මැයි 31, 2019

    විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරමින් කොග්ගල සුපිරි හෝටල් සංකීර්ණයකට ගිවිසුම් අත්සන් තබයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සුන්දරා පුද්ගලික සමාගම සමග අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක් පමණ වැය වන මෙම සුඛෝපභෝගී හෝටල් ව්‍යපෘතියට අත්සන් තබා ඇත. මෙවැනි ආයෝජනයක් තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ විදේශ ආයෝජකයින් තබා ඇති විශ්වාසය හා කැමැත්ත මනාව පිළිබිඹු වන බව ආයෝන මණ්ඩලය ප්‍රකාශ කරයි.

    කොග්ගල ප්‍රදේශයේ මනරම් වෙරළ තීරයක මෙම හෝටල් සංකීර්ණය ඉදි කෙරේ. ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන මංජුල කල්හාර අතින් මෙය නිර්මාණය කෙරෙනු ඇත. මෙම ව්‍යපෘතියේ පළමු අදියර මාස 18ක් තුළ නිම කිරීමට සමාගම බලාපොරොත්තු වේ.

    මෙහි ප්‍රධානම ආයෝජකයින් වන ඩේල් රෙනී සහ සබ්‍රිනා වෑන් සතුව ලොව පුරා ව්‍යාප්ත සංචාරක සංවර්ධන ව්‍යාපෘති රාශියක් අයත්ව ඇත.

    ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අදහස් දැක්වූ ඩේල් රෙනී මහතා .....

    " මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ යම් යම් සිදුවීම් ඇති වුවද ශ්‍රී ලංකාව තුළ විදේශිකයන් වන අපට සුරක්ෂිතතාව මනාව තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකාව අපට අපේ ගෙදර වැනි හැඟීමක් ඇති කරනවා" යනුවෙන් ඔවුන් මෙහිදී අදහස් ප්‍රකාශ කළේය.

    boihotel2 px 900 19 05 31

    BOI2 px 900 19 05 31

    boihotel3 px 900 19 05 31

    boihotel4 px 900 19 05 31

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 16:44

    Latest News