"මහා සාගර මාර්ග ධාවන උළෙල 2019"ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය

ජූනි 05, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ පැවැත්වුනු මහා සාගර මාර්ග ධාවන උළෙල 2019 සඳහා (Great Ocean Road Running Festival) නිල ගුවන් සේවා දායකත්වය ලබාදෙන ලදී.

    වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ සිය සන්නාමය අඛණ්ඩව ස්ථාපිත කරමින් මෙහිදී කිලෝමීටර 6 ක දුරකින් සමන්විත වූ මැරතන් ධාවන තරඟය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

    great ocean 01

    ඕස්ට්‍රේලියානුවන්ගේ වඩාත් ජනප්‍රිය ධාවන උළෙල ලෙසින් මෙම සාගර මාර්ග ධාවන තරගය (GORRF) හැඳින්විය හැකි අතර, මේ වසරේ දී ඉතිහාසයේ වැඩිම සහභාගීත්වය ලබා ගනිමින් ධාවකයින් 8200 ක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබේ. ගුවන් සේවයේ නාමය සහිත කිලෝමීටර 6 ක ධාවන තරඟය සඳහා මෙවර ධාවකයින් 1000 ක් පමණ සහභාගි වූහ.

    great ocean 02

    එහි පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ටොම් සෙල්වුඩ් මිනිත්තු 19:17 ක වාර්තා ගත කාලයක් සටහන් කරන ලදී. මේසන් ස්කොට් සහ කැලම්ඩේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් දිනාගත් අතර ඔවුන් මිනිත්තු 19:33 හා 19:52 අතර කාලයකින් තරඟය අවසන් කළේය.

    great ocean 03

    රේචල් වෝටර්ස් කිලෝමීටර් 6 ක කාන්තා ධාවන තරඟය මිනිත්තු 23:00 අවසන් කිරීමට සමත්විය. ජොඈන්පෝල් සහ කැරොලයින් ක්ලෙරි පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනාගත් අතර ඔවුන් වාර්තා කළ කාලය පිළිවෙළින් මිනිත්තු 26:43 සහ 26:50 විය.

    great ocean 04


    නික් අර්ල් කිලෝමීටර 44 ක දුරින් යුත් Great Ocean Road මැරතන් ධාවන තරඟය 2:27:37 ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහාණය හිමිකර ගත්තේය. ඩියොන් ෆිනොචියාරෝ 2:37:43 සහ බේඩන් වෙස්ටර්වේලර් 2:44:45 කාලයකින් තරඟය අවසන් කරමින් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානයට පත්විය.

    great ocean 05
    කාන්තා මැරතන් තරගයේ ජයග්‍රාහිකාව ලෙස රිහාන්නාන් ස්නයිප් තේරීපත් වූ අතර ඇය 3:04:36 කාලයක් වාර්තා කළේය. ජස්මින්ගෝ 03:16:05 ක කාලයක් සහ සෝයි ඇඩම්ස් 03:19:22 කාලයක් වාර්තා කරමින් පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනාගත්තේය.


    මෙම ක්‍රීඩා උළෙල දින දෙකක් පුරා පැවැත්වෙන අතර එය මීටර 6 ක අර්ධ මැරතන් ඉසව්වකින්, කිලෝමීටර 14 ක දීර්ඝ මැරතන් ඉසව්වකින් සහ කිලෝමීටර් 1.5 ක ඇවිදීමේ තරඟයකින් සමන්විතවේ. මෙම උත්සවය සඳහා ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් දහස් ගණනක් සහභාගී වන අතර එය සජීවී සංගීත වැඩසටහන් හා සරුංගල් සැණකෙලි ඇතුළු විවිධ වැඩසටහන්වලින් සම්න්විත වේ.

    Last modified on බදාදා, 05 ජූනි 2019 17:06

    Latest News