රැල්ලට යන අය පරිස්සමෙන්

ඔක් 24, 2023
    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ දැනුවත් කරමින් ධීවර ප්රජාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

     කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්ය - බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි.

    උතුරු අක්ෂාංශ 14 - 20 සහ නැගෙනහිර දේශාංශ 84 - 92 අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 - 45ත් අතර වනවා.
     
    එම මුහුදු ප්රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
     
    මේ අතර, දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද (24) පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
     
    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්යම, සබරගමුව සම ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි.

    Latest News