කරුවලගස්වැව, යල කන්නයේ මුං ඇට රජය මිලදී ගනී

දෙසැ 26, 2021

    කරුවලගස්වැව, තබ්බෝව ව්‍යාපාරයේ යල කන්නයේ ගොවීන් වගා කල මුං ඇට, රජය විසින් කිලෝ එකක් රුපියල් 455/= මුදලක මිලදී ගත් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජි විජේසිරි මහතා පවසයි.

    ලේකම්වරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව, තබ්බෝව ව්‍යාපාර කළමණාකරණ කාර්යාලය එක්ව ගොවීන් 1000 ආසන්න ප්‍රමාණයක් මුං ඇට වගාවට යොමු වී සරු අස්වැන්නක් ලබා ගෙන තිබේ.

    පෞද්ගලික ආයතන හා සමාගම් අඩුමිලට මිලදී ගැනීමට ගිය මෙම මුං ඇට රජය මැදිහත් වීමෙන් රුපියල් 455/= වැනි මුදලක මිලදී ගැනීමට කටයතු කිරීම පිළිබදව ගොවීන් සිය ප්‍රසාදය පළකරයි.

    රජය මුං ඇට කිලෝ එකක් රජය රුපියල් 455/= මිලදී ගෙන එය සතොසට රුපියල් 200/= අලෙවි කර සතොසින් ජනතාවට රුපියල් 225/= ලබා දීමට කටයතු කර තිබේ.

    මේ අයුරින් මුං ඇට කිලෝ 10,000 ක් මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

    Green peas2 900px 21 12 26

    Green peas3 900px 21 12 26

    Latest News