රක්නා ආරක්ෂක ලංකා සමාගමේ පළමු කොම්පෝස්ට් තොගය වෙළදපොළට

දෙසැ 03, 2021

    ආණමඩුව - නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ සි/සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඉතාමත්ම සාර්ථක ලෙස සිදු කරනු ලැබූ කොම්පෝස්ට් ව්‍යාපෘතියේ මුල්ම කොම්පෝස්ට් තොගය වෙළදපොළට නිකුත් කිරීම සඳහා නවගත්තේගම සමූපකාරයට භාරදීම අද සිදුකෙරිණ.

    ඉකුත් සැප්තැම්බර් මාසයේ දී නවගත්තේගම සමුපකාර සමිතියට අයත් අක්කර 05ක භූමියක රක්නා ආරක්ෂ ලංකා සමාගම විසින් මෙම කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කළේය.

    සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් රජය විසින් ආරම්භ කර ඇති නව කොම්පෝස්ට් පොහොර නිශ්පාදන කිරීමේ වැඩසටහනට දායකත්වය ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණයි.

    මෙම ප්‍රදේශයෙන්ම ලබා ගන්නා ගොම සහ එළු පොහොරද, සැල්වීනියා වැනි ජලජ ශාඛද, ගිනිසීරියා ශාඛ කොටස්ද කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදා ගත් බව රක්නා ආරක්ෂ ලංකා සමාගමේ කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඩී.යූ.වීරසිංහ මහතා සදහන් කරයි.

    මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට එම ප්‍රදේශයේ 10 දෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඇති බවත්, ඉදිරියේදී තවත් විශාල පිරිසකට සෘජු හා වක්‍ර ලෙස රැකියා අවස්ථා ලබා දීමට හැකියාව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    සි/ස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මේජර් දුලත් එල් විජේතිලක (විශ්‍රාමික) අතින් නවගත්තේගම සමුපකාර සමිතියේ සභාපති අජිත් කුමාර වන්නිනායක සමාගමේ ප්‍රධාන විධායක අධක්ෂක කර්නල් ටි. බානගොඩ (විශ්‍රාමික), අධ්‍යක්ෂ සමුද්‍ර මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර (විශ්‍රාමික) ව්‍යාපෘති අධක්ෂක ඩිල්ෂාන් වීරසිංහ, ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේජර් ඩි.එස්.ඩබ්ලිව්. කුමාර (විශ්‍රාමික) ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහාභාගි විය.

    01

    02

    07

    04

    03

    06

    Latest News