ඉපලෝගමට දිසිදි පොල් නිෂ්පාදනාගාරයක් (වීඩියෝ)

ජන 19, 2019
  • අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන දිසිදි පොල් නිෂ්පාදන ආයතනයක් විවෘත කෙරේ.

    සැන්මික් ෆුඩ් පුද්ගලික සමාගමට අයත් මෙම ආයතනය විවෘත කළේ අමාත්‍ය නවීන් දිසානයක විසිනි. එහි ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා,

    "පෘතුවියේ සියලුම දේශගුණික තත්ව වෙනස් වෙනවා, ලාංකිකයන් හැටියට අපි මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. තව අවුරුදු 10-15 කින් මේ විපර්යාස නිසා
    අපගේ කෘෂිකර්මයට කුමක් වෙයිද කියන ප්‍රශ්නය අපි අනිවාර්යෙන්ම දැන් ඇසිය යුතුයි. ඒ නිසා බුද්ධිමත් කෘෂිකර්මයට යා යුතුයි. එය තාක්ෂණයත් සමඟ ගැබ් විය යුතුයි. දිසිදි පොල් කර්මාන්තය කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකට පමණක් සීමා වෙලා තිබුනේ, එහි කර්මාන්තකරුවන් 53 දෙනෙක් හිටියා, ඔවුන් අපිට දැඩි ලෙස කිව්වා දිසිදි පොල් කර්මාන්තයට තවත් බලපත්‍ර දෙන්න එපා කියලා. නොයෙකුත් දේශපාලන බලපෑම් කරලා දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් ඒ තීරණයේ හිටියා. නමුත් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් වී මාසයකින් මම ඒ තීරණය වෙනස් කළා. විශේෂයෙන්ම දිසිදි පොල් කර්මාන්තය ඈත දුෂ්කර සෙසු දිස්ත්‍රික්කවලට ගෙනයන්න මම තීරණය කළා. යාපනය, නැගෙනහිර අද අනුරාධපුර, හම්බන්තොට වේවා මේ දිස්ත්‍රික්කවලටත් දිසිදි පොල් කර්මාන්තශාලා ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා." යැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙහි දී පැවසීය.

    මෙම දිසිදි පොල් නිෂ්පාදන ආයතනයෙන් ඉපලෝගම ප්‍රදේශයේ ජනතාවට රැකියා 200 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය වේ. පොල් කිරි පිටි, කාබනික පොල් සීනී, පොල් බටර්, පොල් වතුර, කාබනික තැඹිලි වතුර, කාබනික පොල් චිප්ස්, මුරුංගා කොළ කුඩු ආදී නිෂ්පාදන රැසක් මෙම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කර අපනයනය කිරීම සිදු කරනු ලබයි.

    මහා සංඝරත්නය, කාන්තා, ළමා කටයුතු හා වියළි කළාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රූපසිංහ මහතා ඇතුළු නිලධාරීන්, සැන්මික් ෆූඩ් පුද්ගලික සමාගමේ සභාපතිතුමා ඇතුළු සේවක සේවිකාවන් හා ප්‍රදේශවාසීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    vlcsnap 2019 01 19 19h33m52s216vlcsnap 2019 01 19 19h32m50s109vlcsnap 2019 01 19 19h32m19s54

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 21:43

    Latest News