කොරෝනා නිසා බැට කන ආර්ථිකය

අප්‍රේ 27, 2020

    කොවිඩ් 19 වසංගතයෙන් එල්ල වූ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ මට්ටමකට පහළ බැසිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එම්.ඒ. කරුණාරත්න මහතා පවසයි.

    ලෝක ආර්ථිකය ඉතා වේගයෙන් පහළට කඩා වැටීමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික අවපාතය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අධිපතිවරයා පැවැසීය.

    ලෝක ආනයන අපනයන සියල්ල නැවතී තිබෙන මෙම මොහොතේ ලෝක ආර්ථිකය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් වත්මන් රජය සියලු මූල්‍ය ආයතන මගින් සංචාරක ඇතුළු සියලුම ක්ෂේත්‍රයන්ට සහන ලබාදෙමින් එම ව්‍යාපාරිකයන් එම ව්‍යාපාර තුළම රඳවා තබාගැනීමට උපරිම උත්සාහ දරන බවත් කීය.

    මීට පෙර ශ්‍රී ලංකාව සිදුකළ සියලු ආනයන සඳහා ඩොලර්වලින් ගෙවීම් කටයුතු ඉදිරි මාස කිහිපයේ සිදුකිරීමට ඇති නිසාත් පිටරටවල සේවය කරන පිරිස් මෙරටට ඩොලර් එවීම විශාල වශයෙන් නැවතී ඇති නිසාත් ඩොලර් සංචිත අවම වීමද මෙරට ආර්ථිකයට විශාල බලපෑම් කරන බව හෙතෙම පැවැසීය.

    Latest News