පළමු වරට අමෙරිකා තෙල් බැරලයක මිල ඍණ අගයට

අප්‍රේ 21, 2020
    ඉතිහාසයේ මුල් වතාවට අමෙරිකානු තෙල් බැරලයක මිල ඍණ  අගයක් දක්වා පහත  වැටෙමින් පවතී. කොරෝනා වෛරසය හේතුවෙන් අගුලු දමා ඇති රටවල තෙල් ඉල්ලුම පහත වැටීම මෙයට හේතුව ලෙස සැලකේ.
    වෛරසය පැරතයාම උත්සන්න වීමත් සමඟ තෙල් නිෂ්පාදනය කෙරෙන රටවල් තම නිෂ්පාදන වේගය අඩුකර ගැනීමට තීරණය කර තිබුනි. නමුත් තෙල් නිෂ්පාදනරටවල් තුළ අතිරික්ත තෙල් ගබඩා වැඩි වශයෙන් පිරීගොස් තිබේ. තෙල් සමාගම් විසින් අතිරික්ත සැපයුම්,  ගබඩා කිරීම සදහා ටැංකි කුලියට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ තත්ත්වය හේතුවෙන් අමෙරිකානු තෙල් සදහා මිල, ඍණ අගයක පවතින බව වාර්තාවේ. 
    එසේම ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මෙයට විසදුමක් ලෙස රටේ අතිරික්ත තෙල් , ජාතික හදිසි බොරතෙල් ගබඩාවට යැවීමට තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 08:43

    Latest News