සමෘද්ධි ස්වයං රැකියා ලාභීන්ගේ නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලෙවියට පියවර

ජන 10, 2020

    සමෘද්ධි ව්‍යවසායකයින්ගේ ගුණාත්මකභවින් ඉහළ භාණ්ඩ Daraz.lk ආයතනය හරහා අලවි කිරීමට පියවර ගෙන තිබේ.

    දෙවන පියවර ලෙස භාණ්ඩ අපනයනය කිරීමට ද සැළසුම් කර ඇත.

    මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය හරහා නිෂ්පාදනය වන බඩු භාණ්ඩ විවෘත වෙළෙද පොල වෙත අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සෘජුව යොමු කිරීමට නියමිතයි. මෙම කුඩා ව්‍යාපාර හිමිකරුවන්ගේ ව්‍යාපාර ගොඩනැගීමේ බලාපොරොත්තුව ඇතිව Daraz.lk ආයතනය සහ සමාද්ධි දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ දින (09) පෙරවරුවේ සමෘද්ධි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ සහ සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ‍“සෙත්සිරිපාය” සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මුල් කරගෙන නව රජය විසින් ගන්නා ක්‍රියාමාර්ගවලින් එක් පියවරක් ලෙස ද මෙය හැදින්විය හැක. ඒ අනුව සමාද්ධි ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට Daraz.lk වැනි ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි හරහා තම නිෂ්පාදන අලෙවි කිරිමට හැකියාවක් ලැබේ. දැනට දිවයින පුරා සමාද්ධි ප්‍රතිලාභින් දහඅටලක්ෂ දසදහසක් පමණ වේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සමාද්ධි වැඩසටහන හා සම්බන්ධ ව්‍යාපාරික සංගම් 331 ක් වන අතර ඉන් 150 ක් පමණ ක්‍රියාකාරි මට්ටමේ පවති.

    මෙහිදී පැවැති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරිය...

    “අතිගරු ජනාධිපතිතුමා තරුණ ජවය යොදාගෙන මේ රට දියුණු රටක් බවට පත් කරන්න කටයුතු කරන නිසා තමයි තාරක බාලසුරිය ඇමැතිතුමා අප අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට පත් කරලා තිබෙන්නේ. එතුමා සති කිහිපයක් තුල මේ කටයුත්ත සම්බන්ධීකරණය කිරිම සමෘද්ධි ව්‍යාපාරයට ලොකු ශක්තියක්. ජනතා නියෝජිතයෝ විදිහට වසර ගණනාවක් තිස්සේ අපේ තිබුන එකම බලාපොරොත්තුව තමයි මේ රටේ ජනතාවගේ ජිවිත නගා සිටුවිම. ඒකට බිහි කරපු සමාද්ධි ව්‍යාපාරයෙන් විශාල සේවකයින් සංඛ්‍යාවක්, සමෘද්ධි බැංකු 1073 ක්. ග්‍රාම සමිති, ගාමසේවා මට්ටමෙන් නිලධාරින්, කළමණාකරුවන්, අධිකාරිය මේ සියල්ලගේ සහයෝගය, කැපවිම, දායකත්වය මත සමෘද්ධි ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් විදිහට ගොඩනැගුනා. අද බිලියන 122 ක මුදලක් සමෘද්ධි ව්‍යාපාරය සතුව තියනවා.”

    “ගුණාත්මකභවින් ඉහළ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබාගැනීම පිළිබදව දැන් අපි එක් සන්ධිස්ථානයකට ඇවිත් තිබෙනවා. කුමන නිෂ්පාදනයක් සිදු කළත් නිෂ්පාදකයාට ලැබෙන්නේ බොහෝම අඩු මිලක්. නමුත් අතරමැදියා සාධාරණ මුදලක් නැතිව අති විශාල මුදලක් ලබාගෙන වෙළෙදාම් කරනවා. මෙවැනි ආයතනයක් සමග එක් වුනාම කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි අපේ නිෂ්පාදකයා නවීන තාක්ෂණයත් එක්ක එකතු වෙන්න පුරුදු වෙනවා. අනෙක් එක තමයි නිෂ්පාකයා නිර්මාණය කරන භාණ්ඩය ලංකාවේ ඔිනෑම ස්ථානයක ඉන්න ගැනුම් කරුවෙකුට අන්තර්ජාලය හරහා මිල දී ගත හැකි වෙනවා. අපේ රටේ අහිංසක මිනිසුන්ට අපි හොද පණිවිඩයක් දෙනවා. සමාද්ධි ව්‍යාපාරය සමග මේ රටේ විශාල ජනතාවක් සම්බන්ධ වෙලා සිටිනවා. මේ රටේ ගැනුම්කරුවන්ට අපි කියනවා ඔබට ගුණාත්මකභවින් ඉහළ යම්කිසි භාණ්ඩයක් අවශ්‍ය නම් මේ ක්‍රමවේදය සමග සම්බන්ධ වෙලා අපේ සමෘද්ධි ව්‍යවසායකයින්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමින් හදන භාණ්ඩ මිලදී ගන්න කියලා. නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂණ දැනුම ද ආයතනයක් විදිහට අපි ලබාදෙනවා. මෙය පළමු පියවර. දෙවන පියවර ජාත්‍යන්තරයට හොඳ නිෂ්පාදන අපනයනය කිරිමට කටයුතු කිරිමයි. අද රජය යොමු වෙලා තිබෙනවා වස විසෙන් තොර නොයෙකුත් ආහාර නිෂ්පාදනයට. එය රජයේ මුලික ඉළක්කය වෙලා තිබෙනවා.”

    daraz_dd.jpg

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් සමාද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්. සමන් බණ්ඩාර මහතා සහ Daraz.lk ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී රාකිල් ප්‍රනාන්දු මහතා අතර සිදුවිය.

    මෙම අවස්ථාවට සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, ලේකම්.එස්.එස්.එස් මහානාම මහත්මිය, රාජ්‍ය ලේකම් අශෝකා අලවත්ත මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    Latest News