ලෙබනනයේ නව ජාතික සමගි රජයක් පිහිටුවාගෙන තිබේ.

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක පවතින තද සීතල හේතුවෙන් අට දෙනෙකු මියගොස් ඇත.

වෙනිසියුලාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයට එළැඹීමෙන් වැළකී සිටින්නැයි, ජනාධිපති නිකොලස් මධුරෝ අමෙරිකාවට අනතුරු අඟවයි.

ඔස්ට්‍රේලියාවේ දී තැපැල් ලිපි හා පාර්සල් සොරකම් කිරීමට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු එරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ අයවැය අර්බුදය හේතුවෙන්, රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීම නිසා ඇතිවූ සෘජු පාඩුව, අමෙරිකානු ඩොලර් බිලියන 3ක් බව, එරට අය වැය කාර්යාලය පවසයි.

ඇෆ්ගනිස්තානයේ සාමය ස්ථාපනය කිරීමට කෙටුම්පතක් සකස් කර තිබේ.

කුඩා දරුවන් පරිඝණක, ජංගම දුරකතන හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික තිර ඉදිරියේ වැඩි වේලාවක් රඳවා තැබීමෙන් ඔවුන්ගේ වර්ධනයට හානි සිදුවන බව පර්යේෂකයින් පෙන්වා දේ.

පිලිපීනය, මැනිලාබොක්ක පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එය, ඊයේ ආරම්භ කෙරිණ.

බ්‍රසීලයේ වේල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබේ.

චීනයේ කැනඩා තානාපතිවරයා සේවයෙන් පහ කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින්.

බ්‍රසීලයේ ගිණිකොන දිග ප්‍රදේශයේ වේල්ලක් කැඩීයාමෙන් 300ක පමණ පිරිසක් අතුරුදන්වී තිබේ. එරට වේලාවෙන් ඊයේ(25) ප.ව. 1ට පමණ මෙම අනතුරු සිදු වී ඇත.

ස්පඤ්ඤයේ අතුරුදන් වූ කුඩා පිරිමි ළමයාගේ මළ සිරුර මලගා ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

බලය අත්හැර යන්නේ නම්, පොදු සමාවක් ලබාදෙන බවට, අමෙරිකාවේ සහය ලබන වෙනිසියුලානු විපක්‍ෂ නායකවරයා එරට ජනාධිපතිවරයාට දැනුම් දෙනවා.

ඉන්දියාව ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ එරට පාසල් ශිෂ්‍යයන් පිරිසක් වීම විශේෂත්වයකි.

Update : ස්පාඤ්ඤයේ කුහරයකට වැටී අනතුරට පත් දරුවා බේරාගැනීමේ මෙහෙයුම් අවසන් අදියරට පැමිණ තිබේ.

ප්‍රියංකා ගාන්ධි නිල වශයෙන් දේශපාලනයට සම්බන්ධ වී තිබෙනවා.

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයේ වාර්ෂික හිමපතනය ආරම්භ වී තිබෙනවා.

ෙසිම්බාබ්වේ ජනාධිපති එමර්ෂන් මැනන්ගාග්වා තම යුරෝපා සංචාරය අතහැරදමා ආපසු පැමිණ තිබේ.

දකුණු දිග සාගර කලාපයේ කේන්ද්‍රගත “කිරිල්“ නමැති මත්ස්‍ය විශේෂය ඇන්ටාක්ටික් ප්‍රදේශයට සංක්‍රමණය වී තිබෙනවා.

ඊශ්‍රායලය, නව අන්තර් ජාතික ගුවන්තොටුපොළක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙහි අරමුණයි.

Latest News