මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානියා ජීවිතාන්තය දක්වා සිරගෙට

ජූලි 18, 2019

    මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රධානී ජෝකියූ එල් චාපෝ ගුස්මන්ට අමෙරිකානු අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකර තිබේ.

    හැට දෙහැවිරිදි ගුස්මන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්, මූල්‍ය වංචා ඇතුළු චෝදනා 10ක් යටතේ නිව්යෝර්ක්හි අධිකරණයක් හමුවේ නඩු පවරනු ලැබ තිබේ. 2015 මෙක්සිකෝවේ සිර ගෙදරකින් උමගක් ඔස්සේ පැනගිය ගුස්මන් අනතුරුව, අත්අඩංගුවට ගැනිණ. 2017 වසරේ දී ඔහුව අමෙරිකාවට බාරදෙනු ලැබීය.

    සිනලෝවා කාටල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ හිටපු ප්‍රධානිය වන එල් චාපෝ ගුස්මන් අමෙරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ප්‍රධාන සැපයුම්කරු ලෙස කටයුතු කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 09:42

    Latest News