බ්‍රිතාන්‍යයේ තෙල් නැවෙක් ඉරානයේ අත්අඩංගුවට

ජූලි 20, 2019

    බ්‍රිතාන්‍යයට අයත් තෙල් නෞකාවක් ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෝමුස් සමුද්‍ර සන්ධියේ දී මෙය සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්‍රිතාන්‍යයට අයත් ලයිබීරියානු ධජය සහිතව ගමන් ගත් නෞකාවක්. නෞකාව නිදහස් නොකළහොත් බරපතල ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය ලේකම් ජෙරම් හන්ට් පවසයි.

    ස්ටෙනා ඉම්පෙරෝව නමැති මෙම නෞකාවේ 25 දෙනෙකු සේවයේ නිරතව සිටියි. බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් ගිබ්‍රෝල්ටාරිහිදී ඉරාන තෙල් නෞකාවක් අත්අඩංගුවට ගෙන සති දෙකකට පසුව මෙම බ්‍රිතාන්‍ය නෞකාව අත්අඩංගුවට ගත් බව, ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් නිවේදනය කර ඇති බව, විදෙස් මාධ්‍ය පවසයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 11:14

    Latest News