ඩ්‍රෝන යානයකට වෙඩි

ජූලි 19, 2019

    අමෙරිකාව, ඉරානයට අයත් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා තිබේ.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, ආරක්‍ෂිත පියවරක් ලෙස යූ.එස්.එස්.බොක්සර් නෞකාව මගින් යානයට ඊයේ පහර දෙනු ලැබූ බවයි. ඩ්‍රෝන යානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු නෞකාවට යාර දහසක් දක්වා ආසන්නයට පැමිණි බැවින් ඊට පහර දුන් බව, ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. එය ප්‍රතික්ෂේප කරමින් ඉරානය කියා සිටියේ, අමෙරිකාව තමන්ගේම ඩ්‍රෝන යානාවක් වෙඩි තබා දියේ ගිල්වූ බවයි.

    ඉකුත් ජුනි මස ඉරානය, අමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් මෙම ප්‍රදේශයේ දීම බිම හෙලූ බවට වාර්තා පළ වී තිබිණ. දෙපාර්ශවය අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද උණුසුම වර්ධනය වූයේ, තෙල් ප්‍රවාහන නෞකාවක් එහිදී ප්‍රහාරයට ලක්වීමත් සමඟයි. එය තම ක්‍රියාවක් බවට අමෙරිකාව කළ චෝදනාව ඉරානය ප්‍රතික්‍ෂේප කර තිබේ.

    Latest News