පකිස්තානයේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.  බස් රථ්‍ය, ට්‍රක් රථයක් සමග ගැටී ගිනි ගැනීම අනතුරට හේතුවයි.

ක්‍රිමියාවේ කර්ච් සමුද්‍ර සන්ධියේ නෞකා දෙකක සිදුවූ අනතුරකින් එක් නෞකාවක් ගිනිගෙන තිබේ.

දුර්ලභ ඝනයේ චන්ද්‍රග්‍රහණයක් බටහිර යුරෝපීය රටවලට දර්ශනය වෙයි.

චිලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයෙන් රිච්ටර් මාපක 6.7ක භූමි කම්පනයක් වාර්තාවේ.

දැඩි ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඊයේ දිනයේ දී ප්‍රදේශ රැසකට දැඩි හිමපතනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ලොව වයස්ගතම මිනිසා වූ ජපානයේ මසාසු නොනකා මියයයි.

රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සම්මුතියකට එළඹීමට සූදානම් වෙයි.

මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරු වලින් සංක්‍රමණිකයෝ 170ක් ජීවිතක්ෂයට පත්වෙති. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය පවසන්නේ, නෞකාවන් දෙකක් අනතුරට ලක්වී ඇති බවයි.

Update : මෙක්සිකෝවේ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ යයි. තුවාලකරුවන් 76ක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධ මුල් වාර්තාව

මෙක්සිකෝවේ ඉන්ධන නලයක පිපිරීමක්; 21ක්මරුට (18:30)

මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පිපිරීමෙන් ආසන්න වශයෙන් 21 දෙනෙකු පමණ මරුමුවට පත්ව 71කට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ සිටි අගනුවරට සැතපුම් 80ක් පමණ උතුරින් මෙම පිපිරීම සිදුවී ඇත.

සොරුන් විසින් ඉන්ධන නල මාර්ගය අතර මගින් හානි කොට ඉන්ධන ලබා ගැනීමෙදී මෙම පිපිරීම සිදුවී ඇති බව “පෙමෙක්ස්" නම් මෙක්සිකෝ රජය සතු ඉන්ධන සමාගම සඳහන් කරයි.

පිපිරීම සිදුවූ ස්ථානය අයත් හිඩල්ගෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ හානියට පත්වූවන්ගේ ගණන වැඩි වීමට ඉඩ ඇති බවයි. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු තවදුරත් සඳහන් කරයි.

ඉන්ධන හොරකම මෙක්සිකෝව තුළ ඉතා බහුලව සිදු වේ. අනතුරට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර කරන ලෙස මෙක්සිකෝ ජනපති නියෝග කොට ඇති අතර ඉන්ධන සොරකම මුලිනුපුටා දැමීමට ප්‍රතිඥා දී ඇත.

2010 වසරේ දීද මෙවැනිම ආකාරයේ පිපිරීමක් සිදුවී 28 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවැනි වටයේ සාකච්ජා, පෙබරවාරි මස පැවැත්වීමට තීරණය කර ඇති බව, අමෙරිකානු ධවල මන්දිරය පවසයි.

දෙවන වරටත් උතුරු කොරියා-අමෙරිකා රාජ්‍ය නායක හමුවක් පැවැත්වීමේ සූදනමක් පිළිබඳ විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එඩින්බරෝ ආදිපාදවරයා පැදවූ රථයක් අනතුරට ලක්වී තිබේ. බ්‍රිතාන්‍යය දෙවන එළසබෙත් මහ රැජිණගේ සැමියා වන 97 හැවිරිදි පිලිප් කුමරුට ඉන් කිසිදු හානියක් සිදුවී නැත.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය (China National Space Administration) පවසයි.

ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරය සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඉදිරිපත්වීමට සූදානමින් සිටියි.

ස්වාර්ථය පසෙකලා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව ක්‍රියා කරන්නැයි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ එරට ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියි.

කෙන්යාවේ - නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගෙන ආ බ්‍රෙක්සිට් ගිවිසුම වැඩි ඡන්ද 230කින් එරට පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

සිම්බාබ්වේ රජය ඉන්ධන මිල දෙගුණයකට වැඩි මට්ටමින් ඉහල දමා ඇත. එ්නිසා රජයට විරුද්ධ දරුණු උද්ඝෝෂණයක් හට ගෙන තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරය තුළ ක්ෂණික ආහාර සංග්‍රහයක් පවත්වයි.

චීනය සඳමත පැල කළ බීජ එහි රෝපණය වී ඇති බව චීන අභ්‍යාවකාශ ආයතනය පවසයි.

Latest News