ඊශ්‍රායලයේ වසරක් තුළ පැවැත්වෙන තෙවැනි මැතිවරණය

දෙසැ 13, 2019

    කිසිදු මැතිවරණයකින් කිසිදු පක්ෂයකට බහුතර බලය ලබා ගැනීමට නොහැකිවීම නිසා ඊශ්‍රායලයට වසරක් තුළ තෙවැනි මැතිවරණය පැවැත්වීමට සිදුව තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ එය බොහෝවිට මාර්තු 02 වැනිදා පැවැත්වෙනු ඇති බවයි.

    පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදියා වන බෙනී ගැන්ට්ස් බහුතර බලයක් ලබා ගැනීමට අපොහොසත් වූ අතර බලය බෙදා ගැනීමේ එකඟතාවකට පැමිණීමට ද ඔවුහු අපොහොසත් වූහ.

    Latest News