ජනපති විවේචනය කළ යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

ජන 17, 2020

    හඬපට හෙළිදරව්වක් මුල්කර ගනිමින් යුක්‍රේන අගමැති අලෙක්සි හොන්චාරුක් අද සිය පදවියෙන් ඉල්ලා අස්විය.

    ඔහු දැඩි ලෙස ජනාධිපතිවරයා විවේචනය කරන ප්‍රකාශයක් ඇතුළත් හඬ පටයක් යූ-ටියුබ් සමාජ වෙබ් ජාලයට මුදාහැර තිබීම ඊට හේතුවයි. අගමැතිවරයා සෙසු ඇමතිවරුන් කිහිප දෙනෙකු හා මූල්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ජාවකදී දැඩි ලෙස ජනාධිපතිවරයා පිළිබඳ විවේචන සිදුකර ඇති බව, හෙළි වී තිබේ. ඔහු ප්‍රකාශ කරන්නේ කිසියම් පුද්ගලයෙකු තම ප්‍රකාශය විකෘති ලෙස සංස්කරණය කර අන්තර් ජාලයට මුදාහැර ඇති බවයි. අගමැති අලෙක්සි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හට යොමු කළ බව වාර්තාවේ. එහෙත් එය පිළිගන්නේ ද යන්න ජනාධිපතිවරයා මේ දක්වා ස්ථිරව ප්‍රකාශ කර නැතැයි ඔහුගේ කාර්යාලය නිවේදනය කළේය. අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කෙරුණේ, යුක්‍රේන ජනාධිපතිවරයාට පෞද්ගලික දේශපාලන වාසියක් වෙනුවෙන් අයථා බලපෑම් කිරීමේ චෝදනා මත අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දෝෂාභියෝගයකට මුහුණ පා සිටී.

    Latest News