ගංවතුරින් අප්‍රිකාවේ 260ක් මරුට

මැයි 08, 2020

    නැගෙනහිර අප්‍රිකාවට බ ලපෑ අධික වැසි හේතුවෙන්, හටගත් ගංවතුරින් 260කට අධික පිරිසක් මියගොස් තිබේ.

    ගංවතුර තත්වය දැඩිව බලපා ඇත්තේ, කෙන්යාව,රැවන්ඩාව,උගණ්ඩාව හා සෝමාලියාවටයි. ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මරණ 194ක්, රුවන්ඩාවේ මරණ 55ක් හා සෝමාලියාවේ මරණ 16ක් සිදුව ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. උගණ්ඩාවේ තවත් 65කට වැඩි පිරිසක් සැඩපහරට ගසාගෙන ගිහින්. රෝහල්ගත කර ඇති පිරිස 200කට අධිකයි. නැගෙනහිර අප්‍රිකාවේ 11,000කට අධික පිරිසක් ගංවතුර බලපෑමෙන් පීඩාවට පත්ව සිටියි.

    නැගෙනහිර අප්‍රිකාව කොරෝනා වසංගතයෙන් හා පලගැටි උවදුරින් ද මේ වන විට දැඩි ලෙස පීඩා විඳින කලාපයක්. ජල ගැලීම් නිසා වගාබිම් අක්කර 8,000ක් පමණ ද මුළුමනින්ම විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 12:50

    Latest News