ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 5 දක්වා ඉහළ ගොස් තිබේ.

හොන්ඩුරාස් රාජ්‍යයේ ගුවන්ජාන් දූපතේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනකට හානි සිදුව තිබේ.

චීන යුද ගුවන්යානා 38 ක් අද තායිවාන ගුවන් තීරයට ඇතුළු වුණා.

කොරෝනා ආසාදිතයන් සඳහා ඖෂධයක් අමෙරිකානු වෛද්‍ය ආයතනයක් හඳුන්වා දී තිබේ.

බ්‍රිතාන්‍යයේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ රියදුරු පුරප්පාඩු පිරවීම සඳහා හමුදා රියදුරන් යෙදවීමට පියවර ගෙන තිබේ. එය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවයි, එරට රජය පවසන්නේ.

ඉන්දියාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබේ. මෙම නව නීතිය ලබන සඳුදා සිට බලපැවැත්වෙන බවයි, වාර්තා වන්නේ.

ගෝලීය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23න් කෝටි 40 ලක්‍ෂය ඉක්මවා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ලෝක ප්‍රදර්ශනයේ චීන මණ්ඩපය විවෘත කිරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (01) වීඩියෝ මගින් දේශනයක් කළේය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව, එරට බලධාරීන් පවසයි.

ජපානය ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය හෙට ඉවත් කෙරෙනවා.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ක්ෂේත්‍රයන් සහ සේවකයන් නඟා සිටුවීමට ගෝලීය එකමුතුවක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසයි.

තුර්කියේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම යළි සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි.

රුසියාවේ ඊයේ කොරෝනා මරණ 852ක් සිදුව තිබේ. දිනක් තුල එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය බව විදෙස් වාර්තාවල සඳහන්.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය, නැගෙනහිර ආසියානු හා පැසිෆික් කලාපයේ රටවල ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ප්‍රධාන හේතුව බව ලෝක බැංකුව පවසනවා.

ඉන්දියාව තුළ වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,693,000 ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකාව තුළ කොරෝනා වසංගත තත්වය අඩුවීම උදෙසා බලපා ඇති සාධක පිළිබඳ පෙන්සිල්වෙනියා ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

තායිලන්තයේ කොරෝනා වෛරස පාලනය සඳහා බොහෝ ප්‍රදේශවලට පනවා තිබූ අඟුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් රෝග ව්‍යාප්තියේ ඉහළයාමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදිතයින්ගේ ඉහළයාමක් පවතින බව, එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඇෆ්ගනිස්තානයේ තලෙබාන්වරුන් විසින් පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කොට සිරුරු එල්ලා ප්‍රදර්ශනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest News