26කට මරු කැදවූ ඇෆ්ගන් භූ කම්පනය

ජන 18, 2022

    ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන්, පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබේ.

    ඇතිවූ ප්‍රබල කම්පනය හේතුවෙන් නිවාස 700කට වඩා වැඩි සංඛ්‍යාවකට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එය රික්ටර් මාපකයේ සටහන් වුණේ 5.3ක් ලෙසයි. භූකම්පනය සිදුවූයේ ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයේ. බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ නිවෙස් කඩා වැටීමෙන්.

    මිය ගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 5 දෙනෙකු හා ළමුන් 4 දෙනෙකු ද ඇතුළත්. තවත් සැළකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්.

    විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමට හා ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛණ ලබා ගැනීමට සහන කණ්ඩායම් අපොහොසත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    Latest News