උතුරු කොරියාව නව කෙටිදුර මිසයිල 2ක් අත්හදා බලයි.

ජන 17, 2022

    උතුරු කොරියාව ඊයේ කෙටිදුර මිසයිල 2ක් අත්හදා බලා තිබේ.

    දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ, මෙම මාසය ඇතුළත උතුරු කොරියාව සිදුකළ 4වැනි මිසයිල අත්හදාබැලීම මෙය බවයි. උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ නායකත්වයෙන් මීට පෙර ද අතිධ්වනික මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබුණා. ඒ, හේතුවෙන් අමෙරිකාව, උතුරු කොරියාවට සම්බාධක පැනවීමට තීරණය කර ඇති කාල වකවානුවක උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක නිරතවීම ගෝලීය වශයෙන් දැඩි අවධානයට යොමුව තිබේ. ඊයේ සිදු කළ මෙම අත්හදා බැලීම පිළිබඳ ජපාන රජය ද සහතික කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අදාළ මිසයිල දෙක උතුරු කොරියාවේ පියො යාං අගනුවට සිට දියත් කර ඇති බව ජපාන රජය තහවරු කරගෙන තිබෙනවා.

    Latest News