චීනය,න්‍යෂ්ටික ශක්තියෙන් යුත් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන මිසයිලයක් අත්හදා බැලූ බවට,වාර්තා පළ වෙයි.

රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ආර්ජන්ටිනාවේ වයස අවුරුදු 3 ත් 11 ත් අතර වයසේ පසුවන ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා.

රුසියාවේ දෛනික කෙරෝනා මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළයාමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1000 කට අධිකයි. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු එරටින් දෛනිකව වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව මෙය වනවා. ගත වූ පැය 24 තුළ හඳුනාගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව ද 33,000 ඉක්මවා ඇත. රට තුළ එන්නත්කරණයේ පවතින දැඩි මන්දගාමී බව මීට මූලික හේතුව බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

රෝහල්ගත කිරීම් ඉහළ යෑමත් සමග සෞඛ්‍ය අංශ දැඩි පීඩාවට පත්ව ඇති අතර, බලධාරින් විශ්‍රාමික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, නැවතත් සේවයට වාර්තාකරන ලෙසයි. එරට 144,000,000 වන ජනගහනයෙන් 48,000,000 කට මාත්‍රා 02 ම ලබාදී ඇති අතර 54,000,000 ක පිරිසකට එක් එන්නත් මාත්‍රාවක් ලබාදී තිබෙනවා. රුසියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,900,000 කට අධික වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා තිබෙනවා.

මාස 19 කට පසු විදෙස් සංචාරකයින් සඳහා සිය දේශ සීමා යළි විවෘත කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් ඊයේ එරට දී ඝාතනයට ලක්ව තිබේ.

ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් 16 දෙනෙකු මියගොස් තිබේ. 32 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

රටවල් 33ක සංචාරකයන් සඳහා අමෙරිකාවට පැමිණීමට එරට සෞඛ්‍ය බලධාරීන් අවසර දී තිබේ.

යුරෝපයේ සීත ඍතුව හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

කැනඩා සහ මෙක්සිකෝ දේශසීමා වෙනුවෙන් පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

කොරෝනා වසංගතය නිසා බලපෑමට ලක්ව ඇති ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම අවදානම් තත්වයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

රුසියාවේ ඊයේ කොරෝනා මරණ 973ක් සිදුව තිබේ. ඉකුත් 2020 වසරේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව මෙය ලෙසයි සැළකෙන්නේ.

තායිලන්තය නොවැම්බර් මස 01 වැනිදා සිට සංචාරකයින් සදහා රට විවෘත කිරීමට අපේක්‍ෂා කරන බව එරට රජය පවසයි.

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් පහළ අගයක පැවතියද කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 70,000කට ආසන්න වී ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 19,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 193 ක්.

ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ රැසක අගුලු දැමීමේ සීමා ඉවත් කිරීමට එරට රජය විසින් අද පියවර ගනු ලැබුවා.

චීනයේ හටගත් මහා ජල ගැල්මෙන් විසි ලක්‍ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී සිටිනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලක තලෙයිබාන් සංවිධානය හා අමෙරිකානු බලධාරින් අතර, ද්වීපාර්ශවීය හමුවක් ඊයේ පැවැත්වුණා.

දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 17,000 කට අධික පිරිසක් හඳුනාගැණුනා.

Latest News