රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ. ඒ වෛරස ආසාදිතයෙකු සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන්.

නව රජය සමග එක්ව කටයුතු කරන ලෙස තලේබාන් ත්‍රස්ත සංවිධානයේ අන්තර්වාර රජයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අනෙකුත් රටවලින් ඉල්ලා සිටියි.

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂ 80,000 ඉක්මවයි. සෞඛ්‍ය සහ විද්‍යා ආයතන පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ එරට ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ප්‍රබල ලෙස පැතිර යන බවයි.

ඩෙන්මාර්කයේ කොවිඩ් වසංගතය මර්දන සීමා සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ. නිල වශයෙන් කොවිඩ් මර්දන සීමාව ඉවත් කළ ලොව ප්‍රථම රට බවටයි ඩෙන්මාර්කය පවසන්නේ.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමඟ එන්නත්කරණය වේගවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ලොව වැඩිම කොරෝනා අසාදිතයන් වාර්තා වන අමෙරිකාවෙන් ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 72,203 දෙනෙකු හඳුනා ගැනුනා.

කාබුල් ගුවන් තොටුපල අසළ පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට පළිගැනිමක් ලෙස අමෙරිකාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ, අයි.එස්. ත්‍රස්තවාදියෙකුට නොව සාමාන්‍ය වැසියෙකුට හා ඔහුගේ පවුලේ අයට බව චෝදනා එල්ලවනවා.

ඔස්ට්‍රෙිලියාවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 2,043 දෙනෙකු වාර්තා වී ඇත.  

අමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ග්‍රහයා මතුපිට ජලය තිබූ බවට තහවුරු කර තිබේ.

ඉන්දියාවේ බටහිර හා දකුණු ප්‍රදේශවල වාර්ෂික ආගමික උත්සව මේ දිනවල පැවැත්වේ.

ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් ආරක්‍ෂා වීමේ වඩාත්ම විධිමත් ක්‍රියාමාර්ගය එන්නත් ලබාගැනීම බව, අමෙරිකානු වෛද්‍ය පර්යේෂණයකින් යළි තහවුරු වී තිබෙනවා.  

ඇෆ්ගනිස්තාන නව රජය පිහිටුවීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.

චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ.

මේ සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියලු ප්‍රධාන ආගමික උත්සව සීමා කිරීමට එරට පියවර ගෙන තිබේ.

තලෙබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්තානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනූව, ඔවුන් ඇෆ්ගනිස්තානය නම් කර ඇත්තේ, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙසයි.

ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර ආසන්න බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මියගොස් තිබේ. ගින්න අද අලුයම හට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

ගෝලීය සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 45 ලක්ෂ 88,000 ඉක්මවා තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.

ඊශ්‍රායලයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් රැඳවියන් 6 දෙනෙකු ඊයේ පළා ගොස් තිබේ.

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියේ ශිඝ්‍ර වර්ධනයත් සමග එරට එන්නත්කරණ වැඩපිලිවෙල වේගවත් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

Latest News