අබුඩාබි හි ඉන්ධන ප්‍රවාහන රථ 3කට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජන 17, 2022

    යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අබුඩාබි හි ඉන්ධන ප්‍රවාහන රථ 3ක් පුපුරා ගොස් තිබේ.

    ඉන් තිදෙනෙකු මියගොස් ඇති අතර 6 දෙනෙකුට තුවාළ සිදුව තිබේ.

    අබුඩාබියේ තෙල් සමාගමකට අයත් ගබඩාවක් අසළ ඉන්ධන රථ 3 පුපුරා ගොස් ඇත්තේ. ඊට යාබක අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඉදිකිරීම් ස්ථානයක ද ගින්නක් හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මිය ගිය පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයෙකු හා පාකිස්ථාන ජාතිකයෙකු සිටින බව එරට පොලීසිය ප්‍රකාශ කරයි. පිපිරීම සිදු වූ ස්ථානයේ ඩ්‍රෝන යානාවක බවට සැක කරන කුඩා ගුවන් යානයක කොටස් හමුව තිබේ. ඒ අනුව මෙය බොහෝ දුරට ඩ්‍රෝන ප්‍රහාරයක් විය හැකි බවට සැක කරයි.

    Latest News