මිලියන 140 ක ජනගහනයකට සෙත සලසමින් චීනය දැවන්ත ජල හැරවුමක් සිදුකරයි

ජන 15, 2022

    ජලය කියුබික් මීටර බිලියන 50 කට වැඩි ප්‍රමාණයක් රටේ දකු‍ණු දිශාවේ සිට උතුරු දෙසට ගෙන යාමට චීනය සමත් වෙයි.

    ඉකුත් ජනවාරි 8 වැනිදා මෙම දැවැන්ත ජල හැරවුම සිදුකෙරිණ. ඉන් සෙත සැලසෙන ජනගහනය මිලියන 140 ක් පමණ වීම විශේෂත්වයක්. මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ නගර 40 කට වැඩි සංඛ්‍යාවක ආර්ථික සංවර්ධනයට එය ඉවහල් වනු ඇත.  දකුණු -උතුරු ජල හැරවුම් ව්‍යාපෘතිය ජල මාර්ග තුනකින් සමන්විතය.

    එහි ප්‍රධානම කාර්යය‍ බෙයිජිං අගනුවරට ජලය සැපයීමයි. 2022 ශීත ඍතු ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලිවල සුරක්ෂිත ජල මූලාශ්‍ර සහතික කිරීම ද මෙමගින් සිදුවේ.  උතුරු චීනයේ සමස්ත ජල සැපයුම් පද්ධතිය මෙන්ම ගංගා සහ වැව්වල ජෛව‍ පද්ධතීන් හි ගුණාත්මකභාවය වර්ධනය වීම ද ව්‍යාපෘතියෙන් අත්වන තවත් ප්‍රතිලාභයකි. මෙහි මධ්‍යම ජල මාර්ගය මගින් ජලය කියුබික් මීටර බිලියන 7කට අධික ප්‍රමාණයක් උතුරු චීනයේ ගංගා 50 කට පමණ සැපයේ.

     

    අරෝෂා සමරදිවාකර  -  රූපවාහිනී වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 15:33

    Latest News