රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානමින් සිටින බවට අමෙරිකාවෙන් චෝදනා... aljazeera

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානමින් සිටින බවට අමෙරිකාවෙන් චෝදනා...

ජන 15, 2022

    රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානමින් සිටින බවට අමෙරිකාව රුසියාවට චෝදනා කරනවා.

    බුද්ධි අංශ තොරතුරු පදනම් කරගනිමින් අමෙරිකාව මේ බව තහවුරු කර තිබෙනවා. රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික බලය පෙන්වීම සඳහා දෙරටේ දේශසීමාවේ රුසියානු හමුදා භටපිරිස් යොදවනු ලැබ සිටිනවා. යුක්‍රේනය, යුරෝපා රටක් ලෙස සලකා තම හිතවාදී තීරණවලට එළඹිය යුතු බවයි රුසියාවේ අදහස වී තිබෙන්නේ.

    එහෙත්, අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට සූදානම් වන යුක්‍රේනය, රුසියානු ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය යුද ශක්තිය නේටෝ සංවිධානයෙන් ලබාගැනීමට අපේක්ෂා කරනවා. මෙම ගැටලුකාරි තත්වය සමනය කිරීම සඳහා රැසියාව හා අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය සමග සාකච්ඡා කිරීමට රුසියාව එකඟතාව පළකර නැහැ. අමෙරිකානු බුද්ධි අංශ අවධාරණය කරන්නේ, රුසියාව රහසිගත මෙහෙයුමකින් යුක්‍රේනයට පහරදීමට සූදානම් වන බවයි.

    Latest News