ඊසාන දිග චීනයේ ප්‍රදේශ රැසකින් අධික හිමපතනයක් වාර්තා වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයක් පිහිටුවන බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කරයි.

ජර්මනියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

දහසකට ආසන්න ආසාදිතයන් පිරිසක් කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමෙන් ඊයේ දිනය තුළ පමණක් මියගොස් ඇතැයි, රුසියානු සෞඛ්‍ය අංශ පවසයි.

ඇෆ්ගනිස්ථානයේ ජනතාව සාගත තත්වයකට ගොදුරු වීමට ආසන්න බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මාස 20කට පසු අමෙරිකාව සංචාරකයන් සඳහා තම දේශසීමා විවෘත කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග ඉන්දියාවේ චෙන්නායි නුවර පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව රුසියානු සෞඛ්‍ය අංශ පවසනවා.

බටහිර අප්‍රිකානු රටක් වන සියරා ලියෝන් හි තෙල් බවුසරයක් පපුරා යාමෙන් 91 දෙනෙකු මියගොස් ඇත.

අධික දුමාරය හේතුවෙන් චීනයේ බෙයිජිං අගනුවර අධිවේගී මාර්ග හා පාසල් ක්‍රීඩාංගන වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ ෆයිසර් සමාගම කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති නව ඖෂධය 89%ක් පමණ සාර්ථක බව එම සමාගම පවසයි.

විදෙස් ව්‍යාපාරිකයන් හා සංචාරකයන් සඳහා ජපානය ලබන 8 වැනිදා සිට විවෘතව පවතින බව, එරට රජය නිවේදනය කර තිබේ.

යුරෝපා කලාපයේ කොරෝනා වෛරස සම්ප්‍රේෂණය ඉහළයාම දැඩි කනස්සල්ලට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

තලෙයිබාන් පාලනය ඇෆ්ගනිස්ථානය තුළ විදෙස් මුදල් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

ඉතියෝපියාව ජාතික මට්ටමේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙය මාස 6ක් බලපැවැත්වෙන බව විදෙස් වාර්තාවල සඳහන්.

ඊයේ ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.

හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගබාගන්නැයි,චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

Latest News