ජපානයේ ප්‍රභල භූ කම්පාවක්

මාර් 17, 2022

    බදාදා රාත්‍රියේ ඊසානදිග ජපානයට රිච්ටර් පරිමාණයේ ඒකක 7.3ක දැවැන්ත භූ කම්පනයක් සිදුව තිබේ.



    මීට වසර 11 කට පෙර ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය ඇති වූ ප්‍රධාන භූමිකම්පාවක් ඇති වූ ප්‍රදේශයටම මෙය බලපා ඇතැයි සදහන් වේ.

    ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මුහුදේ කිලෝමීටර් 57ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

    ඒ සමග සුනාමි අනතුරු ඇඟවීම් පවා ජපානයට නිකුත් කර ඇත.

    මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් නිවාස මිලියන දෙකක විදුලි බලය තාවකාලිකව විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ දක්වා පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

    ඇතැම් ප්‍රදේශවල පුද්ගලයින්ට හිටගෙන සිටීමට නොහැකි තරම් භූ කම්පාව බලවත් වූ අතර, ටෝකියෝ අගනුවර ගොඩනැගිලි දෙදරුම් කෑ බව AFP පුවත් ඒජන්සිය වාර්තා කරයි.

    මේ අතර ෆුකුෂිමා, මියාගි සහ යමගතා ප්‍රාන්තවල පසු කම්පන ඇති විය හැකි බව පැවසේ.

    Latest News