ප්‍රංශ කොලනියක් වන "ගුවාඩලෝප්" හි කොරෝනා මර්දන වැඩපිළිවෙලට එරෙහිව පැනනැගුණු ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

ජර්මනියේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. එරට රජය ජනතාව අවධාරණය කරන්නේ,එන්නත් ලබාගෙන සුවවීම හෝ මරණය යන දෙකෙන් එකක් ලෙස තෝරා ගන්නා ලෙසයි.

ඔස්ට්‍රියාවේ වසා දැමීමේ කාලසීමාව දින 20කින් දීර්ඝ කරන බව බලධාරීන් පවසයි.

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ, ඊයේ රිය අනතුර සිතාමතා සිදුකරන ලද්දක් බව පොලීසිය පවසයි.

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ, අද සිදුවූ අනතුරකින්, 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලබන පෙබරවාරි මාසය තුළ දී කොරෝනා මරණ ලක්ෂ 5කින් යුරෝපය පුරා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනය නිසා නැවත සංචරණ නීති පැනවීමට පියවර ගැනීමෙන් නෙදර්ලන්තයේ ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

ජපානය තුළ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය අතුරුදන්වී ඇති බවට එරට තුළ කළ පරීක්ෂණයකින් සොයාගෙන තිබේ.

තලෙයිබාන් රජය විසින් පනවා ඇති නව නීති යටතේ, ඇෆ්ගනිස්ථානය රූපවාහිනී නාට්‍ය තුළ කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කර තිබේ.

කැනඩාවේ බටහිරදිග ප්‍රදේශයේ ගංවතුර තවදුරටත් පවතිනවා.

යුරෝපයේ කොරෝනා මර්දන සීමාවන්ට එරෙහි විරෝධතා සහ උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

දිනක් තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද රුසියාවෙන් වාර්තා වුණා.

යුරෝපය යළිත් කොවිඩ් රැල්ලක් සමග සටන් කරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියාවේ මේ දිනවල පවතින දැඩි වර්ෂාපතන තත්වයත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මියගිය පිරිස 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එංගලන්තයේ, ලන්ඩන් හි පිහිටි නිවසක ඇතිවූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු මියගොස් තිබේ.  

ඔස්ට්‍රියාවේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලබන සඳුදා සිට දින 20 ක් රට වසා තැබීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

දිනක් තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අද අමෙරිකාවෙන් වාර්තා වුණා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපති කමලා හැරිස් වෙත පවරා දී ඇති බව එරට ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ජර්මනියෙන් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ඊයේ වාර්තා වූයේ අමෙරිකාවෙන්.

Latest News