අමෙරිකාවේ වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන් සඳහා එන්නත් මාත්‍රා මිලියන 15ක් වෙන්කර තිබේ.

වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අඟුළු දැමීමේ සීමාවන් සැලසුම් කළ කාලයට වඩා සති තුනකට පෙර ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව දැනට ප්‍රකාශවන සංඛ්‍යාවට වඩා 60%කින් පමණ ඉහළ අගයක් වනු ඇතැයි,සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. රටවල් 14ක් ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකදී මේ බව අනාවරණය විය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දියාවේ චාරිකාවක නිරත වීමට සූදානම් බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සුඩානයේ හමුදා පාලනයට එරෙහිව විරෝධතා පෙළපාලියකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිලිපීනයේ ගතවූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 4,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 423 ක්.

රුසියාවේ කොවිඩ් රෝග ව්‍යාප්තියේ වාර්තාගත ඉහල යාමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

20 දෙනාගේ කණ්ඩායම හෙවත් ජී - 20 සමුළුව අද ඉතාලියේදී ආරම්භ වුණා.  

දෙවන එලිසබෙත් රැජිනට අවම වශයෙන් ඉදිරි සති දෙක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ නිවේදනය කර තිබේ.

අමෙරිකාවට පසු කොවිඩ් මරණ වාර්තා වන්නේ බ්‍රසීලය හා ඉන්දියාවෙන්.

කොවිඩ්-19 වසංගතයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබේ.

දෛනිකව කොවිඩ් ආසාදිතයින්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව, අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 16 වැනි ජී-20 සමුඵවට සහ එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුඵවට සහභාගිවීම සදහා ඉතාලියේ සහ එක්සත් රාජධානියේ දින 05 ක සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබේ.

කොරෝනා වසංගතයේ නව රැල්ලකට මේ වන විට මුහුණපා සිටින රුසියාවෙන් කොරෝනා මරණ 1,159 ක් අද (28) වර්තා වුණා.

කොරෝනා ආසාදිතයන්ගේ අසාමාන්‍ය  ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සිංගප්පූරු සෞඛ්‍ය බලධාරින් පවසනවා.

සුඩානයට ලබාදෙන ආධාර නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. හමුදා කුමන්ත්‍රණයකින් එරට හමුදාව සුඩානයේ බලය අල්ලා ගැනීම ඊට හේතුවයි.

සම්ප්‍රදායට පිටුපාමින් හා රාජකීයත්වය අත්හරිමින්, ජපාන රජ පවුලේ සාමාජිකා මාකෝ කුමරිය, අද සිය ආදරවන්තයා සමග විවාපත් වුණා.

වෙනිසියුලාවේ සියලු පාසල් සහ විශ්ව විද්‍යාල ඊයේ සිට යළි විවෘත කෙරුණා.

නැගෙනහිර චීනයේ කොවිඩ් වසංගතය යළි ඉස්මතු වීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සංචාරකයින්ට තම රට විවෘත කිරීමට තීරණය කිරීමත් සමග නව නීතිරීති රැසක් ජනාධිපති ජෝ බයිඩන් විසින් පනවා තිබේ.

Latest News