තුර්කියේ විකිපීඩියා තහනම ඉවතට

දෙසැ 27, 2019

    විකිපීඩියා වෙබ් අඩවියට පනවා තිබු තහනම ඉවත් කරන ලෙස තුර්කි ව්‍යවස්ථාදායක අධිකරණය නියෝග කර තිබේ.

    ව්‍යවස්ථා විරෝධී බවට දක්වමින් අදාළ වෙබ් අඩවිය තුර්කි රජය තහනම් කළේ 2017 වසරේදී. තුර්කියේ ව්‍යවස්ථාදායක අධිකරණය විකිපීඩියා වෙබ් අඩවියට පනවා තිබූ වාරණය ඊයේ ඉවත් කළේය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය කරන බවට නිගමනය කරමින්, විනිසුරුවන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු අදාළ වාරණය ඉවත් කරන ලෙස ඡන්දය ලබා දී තිබේ.

    තුර්කි රජය විවේචනය කිරීම හේතුවෙන් එරට විදුලි සංදේශ බලධාරීන් විසින් විකිපීඩියා වෙබ් අඩවිය අවහිර කරනු ලැබීය. වාරණය ඉවත් කිරීමත් සමග එම වෙබ් අඩවියේ නිර්මාතෘ ජිමී වේල්ස් සතුට පළකර තිබේ. නඩු තීන්දුවත් සමග තුර්කි බලධාරීන් විකිපිඩියා වෙබ්අඩවිය කඩිනමින් යළි සක්‍රීය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 10:59

    Latest News