චීනය භාවිත කළ විදේශ ආයෝජන වටිනාකම යුවාන් බිලියන 604ක්

සැප් 13, 2019

    මෙම වසරේ මුල් මාස 8 තුළ චීනය භාවිත කළ විදේශ ආයෝජන වටිනාකම යුවාන් බිලියන 604ක් බව චීන වාණිජ අමාත්‍යංශය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වේ.

    එය වසර 2018 එම කාලයට වඩා සියයට 6.9ක වර්ධනයකි. උසස් කර්මාන්ත භාවිත කළ විදේශ ආයෝජනයේ වර්ධනය එම වැඩිවීමට ලබා දුන් දායකත්වය සියයට 40කි.

    සමස්ත විදේශ ආයෝජනයෙන් එය ගන්නා අනුපාතය සියයට 28.9ක්.

    එම කාලය තුළ ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, නෙදර්ලන්තය සහ ප්‍රංශය චීනයේ සිදුකළ ආයෝජනය සියයට 10 කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වූ බව ද සඳහන් වේ.

    Latest News