චීන ආනයන භාණ්ඩ සඳහා රේගු බදු පැනවීම කල් දැමීමට අමෙරිකාවෙන් පියවර

සැප් 13, 2019

    අමෙරිකාව චීනයෙන් ආනයනය කරන භාණ්ඩ වලට අතිරේක වශයෙන් රේගු බදු පැනවීම ක්‍රියාත්මක කිරීම කල් දැමීම චීනය පිළිගන්නා බව, චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක ගාඕ ෆෙන් මහතා ප්‍රකාශ කරයි.

    චීන ව්‍යාපාර අමෙරිකාවේ ඌරු මස් සහ සෝයා බෝංචි ඇතුළු කෘෂි නිෂ්පාදිතවල මිල විමසීම ආරම්භ කර ඇතැයි, ද ගාඕ ෆෙන් මහතා පවසයි.

    13 වැනි චීන අමෙරිකානු උසස් පෙළේ ආර්ථික වෙළඳ සාකච්ඡාව වෙනුවෙන් සූදානම් වීම සඳහා දෙරටේ ආර්ථික වෙළඳ සාකච්ඡා කණ්ඩායම්වල කාරක මණ්ඩල නුදුරේදී හම‍ෙවනු ඇතැයි ද ඔහු හෙළිදරව් කර තිබේ.

    Latest News