අමෙරිකා චෝදනා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

සැප් 13, 2019

    අමෙරිකාව පිළිබඳ ඔත්තු බැලූ බවට පළවන වාර්තා ඊශ‍්‍රායලය තරයේ ප‍්‍රතික්ෂේප කර සිටී.

    ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ අදාළ චෝදනා සාවද්‍ය බවයි.

    ධවල මන්දිරය ආසන්නයෙන් ඔත්තු බැලිමට යොදාගන්නා බවට සැක කටයුතු උපකරන කිහිපයක් සොයා ගැනිම පිටුපස ඊශ‍්‍රායලය සිටින බවට අමෙරිකාවේ හිටපු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින් තිදෙනෙකු පැවසු බවටයි අදාළ වාර්තාව කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

    ඊශ‍්‍රායලය සිය රට පිලිබද ඔත්තු බලන බව පිළිගැනිමට රජය අකමැති බවයි, අදාළ නිලධාරීන් චෝදනා කරන්නේ.

    කෙසේවෙතත් අදාළ උපකරණ හරහා කිසියම් පාර්ශවයක් ඔත්තු බැලිමට උත්සහ දැරුවේ නම් එම ප‍්‍රයත්නය සාර්ථකවුයේ ද යන්න මෙතෙක් අනාවරණයවී නැහැ.

    Latest News