ජල වාශ්ප සහිත පරිසරයකින් යුත් ග්‍රහලෝකයක්

සැප් 12, 2019

    ජල වාශ්ප සහිත පරිසරයකින් යුත් ග්‍රහලෝකයක් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් ප්‍රථම වරට සමත්ව තිබේ.

    K2-18b ලෙස නම් කර ඇති මෙම ග්‍රහ වස්තුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් පමණ දුරින් සිංහ රාශියට ආසන්නවයි. අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි මෙම පාරග්‍රහයා 2015 වසරේ මුල්වරට නිරීක්‍ෂණය කර ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් ගවේෂණ මෙහෙයුම මගින්. හබල් දුරේක්‍ෂය ඔස්සේ 2016 සහ 2017 වසරවල ලබාගත් එහි තරු කිරණ “යුනිවසිටි කොලේජ් ඔෆ් ලන්ඩන්“ ආයතනයේ විද්‍යාඥයින් විසින් විශ්ලේෂණය කරනු ලැබීය.

    නව ග්‍රහයාගේ වායු ගෝලයේ ජල වාශ්ප පවතින බව, සොයා ගැනීමට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කණ්ඩායමට නායකත්වය දුන් ආචාර්ය ඇන්ජෙලෝස් ෂියාරාස් පවසන්නේ, ජල වාෂ්පවලට අමතරව, එහි හයිඩ්‍රජන් සහ හීලියම් යන වායුද පවතින බවයි. දින 33කට වරක් සිංහ රාශියේ සූර්යයෙකු වටා පරිභ්‍රමනය වන පාරාග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය පවතින්නේ ද ජීවය පැවතිය හැකි මට්ටමකයි. කෙසේ වෙතත් ග්‍රහ වස්තුවට පවතින අධික දුර හේතුවෙන් එහි ගමන් කළ නොහැකි බව, ආචාර්ය ෂියාරාස් පවසයි. අප අයත් සෞරග්‍රහ මණ්ඩලය තුල හිරුගෙන් නික්මෙන කිරණයක් පෘථිවිය මතට පැමිණිමට ගතවන්නේ විනාඩි 7ත්, 8ත් අතර කාලයක් පමණි.

    Latest News