අමෙරිකාවේ එතනෝල් දුම්රියක් ගිනිගනී

සැප් 11, 2019

    අමෙරිකාවේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගිනිගෙන විනාශ වී තිබේ. ගින්නට හේතුව හෝ ගින්නෙන් තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

    අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩුපෝ නගරයේ දී ගිනි ගැනීම සිදුව තිබේ. එහි එතනෝල් ප්‍රවාහනය කරමින් පැවති දුම්රියක් බවයි, වාර්තා වන්නේ. භාණ්ඩ ප්‍රහානය දුම්රිය ඉලිනොයිස් හරහා යන මිසිසිපි ගංගාව මතින් ගමන් කරමින් තිබියදී ගිනි ගෙන තිබේ. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 11:18

    Latest News