බොරිස් ජොන්සන්ට එරෙහිව විශ්වාසභංගයක්

අගෝ 17, 2019

    බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එරට කම්කරු පක්ෂය සූදානම් වෙයි.

    පවතින පාර්ලිමේන්තුවේ ජොන්සන්ගේ රජයට ඇත්තේ ඉතා සරල බහුතරයක් වන අතර විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය වීමට ද ඉඩ ඇති බව සඳහන්.

    යුරෝපා සංගමය සමඟ එකඟතාවක් නොමැතිව වුවද බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දරන උත්සාහය පරාජය කිරීමට ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි විපක්ෂ නායක ජෙරමි කෝර්බින්ගේ අවධානය යොමුව ඇත.

    කෝර්බින් කියා සිටින්නේ මෙසේ ජොන්සන්ව පරාජය කළ පසු, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සඳහා තවත් කල් ලබාගෙන, මහමැතිවරණයක් පැවැත්වීම තම අපේක්ෂාව බවයි.

    දැනට පවතින තත්ත්වය අනුව ඔක්තෝබර් 31 වනදා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සිදු වීමට නියමිතයි.

    බ්‍රෙක්සිට්වලින් පසු තත්ත්වය පිළිබඳ යුරෝපා සංගමය සමග එකඟතාවක් ඇති කරගැනීමට කළ සියළු උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නැත.

    ඉදිරිපත් වූ සෑම ගිවිසුමක්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පරාජය කෙරුණි.

    පවතින පාර්ලිමේන්තුවේ ජොන්සන්ගේ රජයට ඇත්තේ ඉතා සරල බහුතරයක් වන අතර ඔහුගේ කොන්සර්වේටිව් පක්ෂය තුලම සැලකිය යුතු පිරිසක් ඔහුගේ බ්‍රෙක්සිට් ප්‍රතිපත්තියට එරෙහිව සිටියි.

    එහෙයින් විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් ජොන්සන් පරාජය වීමට ද ඉඩ ඇත.

     

    Latest News