චීන අමෙරිකා වෙළඳ ගැටුමෙන් අමෙරිකාවේ සිල්ලර කර්මාන්තයට හානී

අගෝ 16, 2019

    චීනය හා අමෙරිකාව අතර වෙළෙඳ ආරාවුල් වර්ධනයවීමෙන් අමෙරිකාවේ සිල්ලර කර්මාන්තයට තවදුරටත් හානි සිදුව ඇති බව වාර්තා වේ.


    මේ පිළිබඳව අමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ, අමෙරිකානු පාර්ශ්වයේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් එරට සිල්ලර කර්මාන්තයට තවදුරටත් හානි සිදුවනු ඇති බවයි.

    අමෙරිකා CBS ප්‍රවෘත්ති සේවය නිකුත් කළ වාර්තා වලට අනුව, අමෙරිකාව චීනයට ‍එරෙහිව ක්‍රියත්මක කරන නව අතිරේක තීරුබදු තර්ජන හේතුවෙන් අමෙරිකා සිල්ලර කර්මාන්තයේ විශාල වෙළඳසැල් සංඛ්‍යාවක් වැසී ගොස් ඇති අතර, රැකියා විශාල ප්‍රමාණයක් ද අහිමි වී තිබේ.

    මෙම වසර තුළ මේ වන තෙක් වසා දමා ඇති අමෙරිකාවේ සමස්ත සිල්ලර වෙළඳසල් සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාල සීමාව අභිබවා ඇති බව වාර්තා වේ.

    බංකොලොත්භාවය හේතුවෙන් අහිමිවූ රැකියා ප්‍රමාණය ගෙවී ගිය වසර 10 තුළ පැවති ඉහළම මට්ටමට පැමිණ තිබේ.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 12:56

    Latest News