ඩ්‍රෝන මිසයිල ප්‍රහාර නවතී

නොවැ 19, 2018

    යේමනය නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඊට ප්‍රතිචාර දක්වමින් හවුති කැරළිකරුවන් සෞදි අරාබි හමුදාවට එරෙහි ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර නවතා තිබේ. සටන් විරාමය ආරම්භ වූයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන්. සෞදි අරාබිය හා හවුති කැරළිකරුවන් අතර යුද්ධයෙන් මේ වනවිට 13,000 කට අධික පිරිසක් මියගොස් තිබේ.

    එය මානුෂිය ඛේදවාචකයක් ලෙසයි අන්තර්ජාතික විචාරකයින් පවසන්නේ. ගැටුම්වලින් මියගිය සාමාන්‍ය වැසියන් ගණන 5,000කට අධිකයි. එමෙන්ම, යේමනය ආශ්‍රිතව දරුණු සාගතයක් ද හටගෙන තිබේ. ඒ නිසා කුඩා දරුවන් ඇතුළු 50,000 කට අධික පිරිසක් මියගිහින්.

    පීඩාවට පත්වූ පිරිස කෝටියකට අධිකවේ. ඔවුන්ට සහන සැලසීමට සටන් විරාමය ප්‍රකාශයට පත් කළ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 19:20

    Latest News