බලවත් රාජ්‍යයන් එඟතාවයකට නොඑයි

නොවැ 19, 2018

    පැපුවානිව්ගිනියාවේ දී පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව එකඟතාවයකින් තොරව ඊයේ නිමාවට පත්විය.

    ඒ චීනය හා අමෙරිකාව අතර පවතින මතභේද හේතුවෙන් මෙම සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. චීනය හා අමෙරිකාව සමුළුවේ දී එකිනෙකාට චෝදනා කරනු ලැබීය. එකඟතාවක් නොමැති නිසා, සමුළුව අවසානයේ ප්‍රකාශනයක් ද නිකුත් නොකිරිණ .

    සමුළුව අමතමින් සත්කාරක රාජ්‍යය වන පැපුවානිව්ගිනියාවේ අගමැති පීටර් ඔනෙල් කියා සිටියේ, සමුළුවේ සිටින බලවත් රාජ්‍යයන් දෙක එකඟතාවයකට පැමිණීමට අසමත් වූ බවයි.

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 10:04

    Latest News