මහ ඇමතිටත් මිරිස් කුඩු ප්‍රහාරයක්

නොවැ 20, 2018

    මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම, ජනමාධ්‍යයේ ද මිරිස්කුඩු ප්‍රහාර ගැන පුළුල් කතාබහක් ඇතිවී තිබෙනවා.

    එවැනිම සිද්ධියකින් ඉන්දියාව ද කැළඹීමට ලක්වුණා. ඒ, දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ට අද පස්වරුවේ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවීමත් සමඟයි ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ ප්‍රථම පුවත බවට පත්වූයේ දිල්ලි මහ ඇමතිවරයාට එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරයයි.

    පහරදීම සිදු කළේ මහ ඇමතිවරයා හමුවීමට පැමිණි 40 හැවිරිදි අනිල් කුමාර් ෂර්මා නමැති පුද්ගලයෙක්. ප්‍රථමයෙන් ඔහු මහ ඇමතිවරයාට ලිපියක් දී පාද නමස්කාර කළා. අනතුරුව, ක්‍ෂණිකව ඉදිරියට පැන මහ ඇමතිවරයාගේ මුහුණේ මිරිස් කුඩු තැවරීමට ඔහු උත්සාහ කළා.

    උපැස් යුවල පැළඳ සිටි නිසා, මහ ඇමතිවරයාගේ දෑසට මිරිස් කුඩු නොවැදුනු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැහැ.

    මහ ඇමතිවරයාට නිසි ආරක්‍ෂාවක් නොමැති බවට ඔහුගේ ඒ.ඒ.පී.පක්‍ෂය චෝදනා කරනවා. එහෙත් පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙය හුදකලා සිද්ධියක් බවයි. පාලක භාරතීය ජනතා පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ සිද්ධිය හෙලා දැක තිබෙනවා.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Last modified on බදාදා, 21 නොවැම්බර් 2018 08:55

    Latest News