ඔස්ට්‍රේලියාවේ බිහිසුණු පුද්ගල ඝාතනයක්

අගෝ 06, 2019

    එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකුව සිටි ගනේෂමූර්ති ත්‍යාගරාජා නමැති පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ බිහිසුණු පුද්ගල ඝාතනයකට වරදකරු වී තිබේ.

    ඔහුට එරෙහි දඬුවම ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ. ත්‍යාගරාජා, නීති විරෝධි ලෙස බෝට්ටුවක් මගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පුද්ගලයෙක්. ඔහු 2017 වසරේ මාර්තු මස ඇඩිලේඩ්හිදී මොහොමඩ් මන්සූර් නැමැත්තෙකුට දරුණු ලෙස පහරදී මරණයට පත්කර තිබේ. ඇඩිලේඩ් පොලිසිය පවසන්නේ, මන්සූර්ගේ සිරුරේ කැපුම් තුවාල 40කට අධික සංඛ්‍යාවක් තිබූ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයේ දී ප්‍රධාන අභිචෝදක පැට්රික් දාවේස් ප්‍රකාශ කළේ, ත්‍යාගරාජා නැමැත්තා, එම මනුෂ්‍ය ඝාතනය ඉතා කෘෘර සහ සැලසුම් සහගත ආකාරයෙන් සිදුකර ඇති බවයි.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 07:20

    Latest News