කෂෝගි ඝාතනයට සල්මාන් සම්බන්ධයි - CIA හෙළිකරයි

නොවැ 17, 2018

    වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුවම සම්බන්ධ වී ඇති බවට, අමෙරිකානු සීඅයිඒ ඔත්තු සේවාව හෙලිදරව් කර තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපතිවරයා, මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සොහොයුරා කාලීඩ් බින් සල්මාන්. ඔහු ජමාල් කෂෝගිට ලබා දුන් දුරකතන ඇමතුමක් පරීක්ෂාවට ලක් කිරීමෙන් මේ බව අනාවරණය වී තිබේ.

    තුර්කියේ ස්තාන්බූල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට පිවිසීම ජමාල් කෂෝගිට අනතුරුදායක නොවන බව, දුරකතන සංවාදයේ දී කාලීඩ් බින් සල්මාන් පවසා තිබේ. එම දුරකතන ඇමතුම් ලබා දීම සඳහා උපදෙස් දී ඇත්තේ, සෞදියේ ඔටුන්න හිමි කුමරු බවයි, සීඅයිඒ ඔත්තු සේවය මගින් සොයාගෙන ඇත්තේ. කෙසේ වෙතත්, මාධ්‍යවේදියාගේ සිරුර තවමත් සොයා නොගත් අතර, සිරුර පිළිබඳ විවිධ මත පළ වෙයි.

    එසේම, තුර්කියේ මෙන්ම, සෞදි අරාබිය තුළ ද මිය ගිය ජමාල් කෂෝගි සිහි කරමින් විවිධ දේව මෙහෙයන් පැවැත්වෙයි.

    Latest News