අධිකරණ හා FBI වැඩවලට ට්‍රම්ප් අත දැමුවායැයි චෝදනා

නොවැ 15, 2018

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි. ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව, එරට බලධාරීන් සඳහන් කරයි.

    නොවැම්බර් 6 වැනිදා පැවති මධ්‍යවාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. ඒ අනූව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ සභාපතීත්වය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ.

    එම කමිටුවේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනු ඇති. ඉහළ පෙලේ ෆෙඩරල් නීති නිලධාරීන් ද මේ පිළිබඳව එම කමිටුව ලිපියක් යොමු කර ඇතැයි, මාධ්‍ය වාර්තා කරනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 15:31

    Latest News