ක්‍රිස් ගේල් ලෝක කුසලානයට සමුදෙයි

ජූලි 05, 2019

    ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සිය අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඊයේ (04) සහභාගි විය.

    “යුනිවසල් බොස්“ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රිස් ගේල් පසුවන්නේ 39 වැනි වියේ. ඔහු ක්‍රීඩා පිටියේදී මෙන්ම, ඉන් පිටතදීත් ඉතා විනෝදකාමී ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටී. එක්දින පිටියේ සහ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය අලුත් කරමින් වාර්තා රැසක් ඔහු නමින් ලියැවිණ. ඒ අතරින් ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාවට හිමිකම් කියන්නේ ක්‍රිස් ගේල්.

    ඔහු ලෝක කුසලාන තරගාවලි 5කදී හයේ පහර 49ක් එල්ලකිරීමට සමත්විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ද්විත්ව ශතකය සහ වේගවත්ම ද්විත්ව ශතකයට හිමිකම් කියන්නේ ද ක්‍රිස් ගේල්. කොදෙව්වන් බිහිකළ දැවැන්ත ක්‍රිකට් චරිතයක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී දැක ගැනීමට ලැබුණු අවසන් අවස්ථාව මෙයයි.

    Latest News