ඉන්දියාවේ වේල්ලක් පුපුරා යාමෙන් 16ක් මරුට

ජූලි 05, 2019

    ඉන්දියාවේ වේල්ලක් පුපුරා යාමෙන් එහි ජල පහරට හසුව මියගිය අයගේ සිරුරු 16ක් සොයා ගෙන තිබේ.

    වසර 14ක් පමණ පැරණි අලුත්වැඩියා කිරීම් සිදුකර තිබූ වේල්ලක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාව මේ දිනවල මෝසම් වර්ෂා කාලයට මහුණ දී සිටී. ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් පවතින බව මාධ්‍ය වාර්තාවල සඳහන්. ඉන්දියාවේ වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන “රත්නගිරි“ ප්‍රදේශයේ පිහිටි වේල්ලක් පුපුරා යාමෙන් නිවාස 12ක් ජල පහරට හසුවී තිබේ. විපතට පත්වූවන් මුදා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ මළ සිරුරු 16ක් සොයා ගත් බවයි.

    Latest News