චීන ජනපති උතුරු කොරියාවේ චාරිකාවක

ජූනි 20, 2019

    චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ චාරිකාවක අද නිරත වෙයි.

    වසර 14කට පසු චීන රාජ්‍ය නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. අවසන් වරට උතුරු කොරියාවේ චීන ජනාධිපතිවරයෙකු සංචාරයක නිරත වූයේ 2005 වසරේදී. ජනාධිපති ෂී ජින්පින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, මීට පෙර අවස්ථා කිහිපයකදීම හමුව තිබේ. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළට අදාළ ඇණහිට තිබූ සාකච්ජා මෙන්ම, දෙරටේ ආර්ථික ගැටලු පිළිබඳව ද නායක දෙපළ හමුවේ දී සාකච්ජා කිරීමට නියමිතයි. තම ප්‍රධානතම වෙළෙඳ හවුල්කරු ලෙස චීනය, උතුරු කොරියාවට විශේෂයෙන්ම වැදගත් රටක් වෙයි.

    ජපානයේ පැවැත්වෙන ජී.20 නායක සමුළුවට සහභාගීවීමට සතියකට පෙර මෙලෙස චීනය, උතුරු කොරියාව සමඟ සාකච්ජා පැවැත්වීම විශේෂිතයි. ජී.20 සමුළුවේ දී චීන නායකයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ද නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 08:22

    Latest News