උතුරු - දකුණු කොරියානු ජනාධිපතිවරු හමුවීමට සුදානම්

ජූනි 14, 2019

    උතුරු කොරියානු නායකයා සමඟ යළි හමුවීමක් පැවැත්වීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

    මේ මස අවසානයේදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ දකුණු කොරියානු සංචාරයට පෙර එම හමුවීම පැවැත්විය හැකි බවට කොරියානු ජනාධිපති Moon Jae-in මහතා අපේක්ෂා පළ කළේය.

    නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේදී දේශනයක් ඉදිරිපත් කළ හෙතෙම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

    ඕනැම වේලාවක උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමුවීමට කැමති බව හෙතෙම සඳහන් කළේය.

    එම හමුවීම පැවත්වෙන දිනය පිළිබඳව උතුරු කොරියාවට තීරණයක් ගත හැකි බව පැවසේ.

     

    Latest News