ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට සංහිඳියා ලිපියක්

ජූනි 08, 2019

    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර තිබේ.

    ඒ ඒළැඹෙන සතියේ පැවැත්වෙන කලාපීය සමුළුවක දී පකිස්තානු නායකයා සමග ද්විපාර්ශවික සාකච්ජාවල නිරත නොවන බවට ඉන්දියාව ප්‍රකාශ කර දිනකට පසුවයි. පසුගිය කාලසීමාව තුල කාශ්මීර ගැටලුව මුල් කර ගනිමින් ඉන්දියාව හා පකිස්තානය අතර දැඩි මතභේදාත්මක තත්වයක් ඇති විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවතත් බලයට පත් වීමෙන් අනතුරුව, කාශ්මීරය ඇතුළු අනෙකුත් සංහිඳියාවට එළැඹිය හැකි ආකාරයේ සියලුම ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරමින්, පකිස්තාන අග්‍රාමාත්‍යවරයා අදාළ ලිපිය යොමුකර තිබේ.

    එසේම, සිය ලිපිය මගින් නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. දෙරටේම ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා එකම විසඳුම ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම බවයි. කෙසේ වෙතත්, කලාපීය සහයෝගීතාව වර්ධනය වීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කලාපීය රාජ්‍යයන් කිහිපයක නිල සංචාරයක නිරත වන අතර, හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 09:22

    Latest News