ප්‍රකෝපකාරී ලෙස හැසුරුණු අයෙක්

නොවැ 09, 2018

    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජනාකීර්ණ වීදියක දී අද පුද්ගලයෙක් දැඩි ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.

    අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකළ අතර, ඉන් එක් පුද්ගලයෙකු පසුව ජීවිත්‍ෂයට පත්විය. අදාළ පුද්ගලයා මාර්ගයේ තිබූ මෝටර් රථයක් ගිනි තබා ඇති අතර, ඒ පිළිබඳ පරීක්‍ෂා කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට ද පහර දී තිබේ. එම අවස්ථාවේ පොලිසිය කළ වෙඩි තැබීමකින් ප්‍රහාරකයා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත්, මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක්දැයි මෙතෙක් තහවුරු වී නැතැයි, වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසයි. මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News